Skip to main content

මියැදෙන හද

මියැදෙන හද

දිලිසෙන නෙක තරු අතරින් දිස්වෙන පුලුනින් ගැවසුනු සීතල වලා ගැබක ඔබ නිදිදෙව් තුරුලේ නැලවෙනු සද පාලුව ඉහිරුනු මේ නිල් නුබ ගැබ කොනකට වී හිද නිහඩව වැලපෙන සිතුවිලි අකුරෙන් අකුරට අමුණන මියැදෙන මේ හද ඔබ නොහදුනු ඇත

කුමර බඹසර

කුමර බඹසර

අහෝ මාගේ කුමර බඹසර !!! විසි අවුරුද්දක් ඉක්මවා රැකගත් එය එක් දිනෙක,එක් අදුරු සිනමා හලෙක තී ඉදුල් කලා නෝවේද අසංවර තිගේ සිත එක් නිමේශයකින් මා දෙතොල් ඉදුල් කලා නොවේද කෙසේ පවසම්ද යම් දිනෙක මගේම වන්නියක සිප සනසන මොහොතක ඇගෙ දෙතොල් සනසන්නේ කුලුදුල් හාදුවක් නොවන වග..

දෙන්න දෙතැනක

දෙන්න දෙතැනක

කිති කැවී යන හැගුම් අතරින් ඔබ රුවම මට පෙනෙනවා දෙතොල් අතරින් නැගී සිනා හඩ නිතර මා හද මවනවා සසරෙ සැමදා මගේ වෙන්නයි පෙරුම් පිරුවද සිතෙනවා අනේ එනමුදු නපුරු පාපෙක කරුමයක්දෝ දෙන්න දෙතැනක හිදිනවා………………..

අප දෙදෙනා

අප දෙදෙනා

එක කුඩේ යටින් සරසවි පාරේ පියවර තැබුවා අප දෙදෙනා සිරිපොද රැහැනට සැගවී මුලුවී උනුසුම පැතුවා අප දෙදෙනා හිස් අව්කාශෙන් නිබදව සැලෙනා වැහිබිදු පතිතව සතර අතේ අප යන දෙපසේ දිය රැලි ඇදුනා සෙනෙහස ගලනා පරිදි සිතේ

උත්තේජනය නුබ

උත්තේජනය නුබ

වියලි හද තෙත බරිත කරනා උත්තේජනය නුබයි දුර ඉදන් අත වනන සිහිනයන් මට මවන සියොලගම කිතිකවන හදමඩල තුල රැදෙන නිසල මග සසල කල සිත පුරා පිනි ඉසින හිමිද අහිමිද නොදනි මම

ජීවිතේ මාවත..

ජීවිතේ මාවත..

බුමුතුරුනු මත හිදන්          එපා පොත් කියවන්න……….. රලු බොරලු මාවතක හිඳ          ජීවිතේ පොත කියවන්න………. මල් මාවතක් දිගේ   එපා පය ඔසවන්න……………  රත් වෙච්ච වැලි මගක ඔබේ පා ඔසවන්න………..  ජීවිතේ කිසි දිනෙක මලක් ලෙස නොසිතන්න………..  ඉවත් කර ආවරන එහි අරුත  දැන ගන්න……………              

ඇරබුම..

ඇරබුම..

පිනි පොද වැස්සක බින්දු එකතු කර ගඟකට ඇරබුම දුන්නම ගලන්නට හැක කන්දු බිම් යට කරගෙන බිදින්නට බැරි කිසි බැම්මකට…………………                                                    විසිරුනු මල් පෙති                                                                             එකට එකතු කර                                                    පිපෙන්න මලකට දුන්නම                                                                             සුවද ‍රැගෙන යන                                                     මල් මකරන්දය                                                                              සුවද දෙන්නෙ මුලු ලෝකයටම……………… ප.ලි. – බ්ලොග් ලෝකෙට නම් මම අලුත් ඔන්න.අද ඉදන් මගේ අදහසුත් “මගේ […]