Skip to main content

කුමර බඹසර

කුමර බඹසර

අහෝ මාගේ කුමර බඹසර !!! විසි අවුරුද්දක් ඉක්මවා රැකගත් එය එක් දිනෙක,එක් අදුරු සිනමා හලෙක තී ඉදුල් කලා නෝවේද අසංවර තිගේ සිත එක් නිමේශයකින් මා දෙතොල් ඉදුල් කලා නොවේද කෙසේ පවසම්ද යම් දිනෙක මගේම වන්නියක සිප සනසන මොහොතක ඇගෙ දෙතොල් සනසන්නේ කුලුදුල් හාදුවක් නොවන වග..

දෙන්න දෙතැනක

දෙන්න දෙතැනක

කිති කැවී යන හැගුම් අතරින් ඔබ රුවම මට පෙනෙනවා දෙතොල් අතරින් නැගී සිනා හඩ නිතර මා හද මවනවා සසරෙ සැමදා මගේ වෙන්නයි පෙරුම් පිරුවද සිතෙනවා අනේ එනමුදු නපුරු පාපෙක කරුමයක්දෝ දෙන්න දෙතැනක හිදිනවා………………..

අප දෙදෙනා

අප දෙදෙනා

එක කුඩේ යටින් සරසවි පාරේ පියවර තැබුවා අප දෙදෙනා සිරිපොද රැහැනට සැගවී මුලුවී උනුසුම පැතුවා අප දෙදෙනා හිස් අව්කාශෙන් නිබදව සැලෙනා වැහිබිදු පතිතව සතර අතේ අප යන දෙපසේ දිය රැලි ඇදුනා සෙනෙහස ගලනා පරිදි සිතේ

යලි අපි කුමට පහන් දල්වමුද

යලි අපි කුමට පහන් දල්වමුද

සැඩ සුළන් මැද අදුර නසන්නට අපි පහන් දැල්වීමු.. අපි කිසි දින නොසිතුවෙමු පහන් නිවන්නට මෙතරම් වැසි වැටේවියැයි කියා අමාරුවෙන් අටවාගත් කුඩයේ ශක්තියෙන් ඒ පහන් තවමත් නිරුපද්‍රිතය එහෙත් අදුරේම ලගින්නට ආස උන් මැද යලි අපි කුමට පහන් දල්වමුද?

උත්තේජනය නුබ

උත්තේජනය නුබ

වියලි හද තෙත බරිත කරනා උත්තේජනය නුබයි දුර ඉදන් අත වනන සිහිනයන් මට මවන සියොලගම කිතිකවන හදමඩල තුල රැදෙන නිසල මග සසල කල සිත පුරා පිනි ඉසින හිමිද අහිමිද නොදනි මම

බෝඩිමේ උන්

බෝඩිමේ උන්

සින්ගල් රූම් තිබුනාට සින්ගල් ඇදන් තිබුනාට නින්ද යන්නෙ නෑ බන්  උබලා ලග නැතිව උයන උන් ඉව්වා කන උන් අම්බානෙකට කෑවා අන්තිමට උන්ටම හෝදන්නත් උනා මල පනිනවා මුන් එක්ක කරහැකිද යකෝ මෙහෙම බෙදා ගෙන ඉව්වා බදා ගෙන කෑවා බැරිම තැන අපි කඩෙන් කෑවා පෝලිමට නිදියන මගෙ කකුල අනිකගේ ඇග උඩ එක බෙඩ් ශිට් එකට වලි කන […]

කවි දිනය – බස්රියේ සිට..

කවි දිනය – බස්රියේ සිට..

2016 – 03 -21 දින…   අද කවි දිනය ඇසුනා මට උදහනක්කේ හිදිනා කලට අසුනක බස් රියක අනේ   රියදුරු මහතා පාගයි බොල හැටට හැටේ වේගෙන් ඇදෙන බස් රියකුයි පසු කෙරුනේ   නුලෙන් වැදෙනවා බස් බද යන බසයේ ඇගෙ ලේ වතුර වීලයි මගෙ ඇහැ ඇරුනේ   කැම්පස් එක ලගින් යනවිට රිය අසුනේ සිතුවිලි නැගෙනවා කප්පරකට සබදේ […]