මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

මියැදෙන හද

මියැදෙන හද

දිලිසෙන නෙක තරු අතරින් දිස්වෙන පුලුනින් ගැවසුනු සීතල වලා ගැබක ඔබ නිදිදෙව් තුරුලේ නැලවෙනු සද පාලුව ඉහිරුනු මේ නිල් නුබ ගැබ කොනකට වී හිද නිහඩව වැලපෙන සිතුවිලි අකුරෙන් අකුරට අමුණන මියැදෙන මේ හද ඔබ නොහදුනු ඇත

Read More

කුමර බඹසර

කුමර බඹසර

අහෝ මාගේ කුමර බඹසර !!! විසි අවුරුද්දක් ඉක්මවා රැකගත් එය එක් දිනෙක,එක් අදුරු සිනමා හලෙක තී ඉදුල් කලා නෝවේද අසංවර තිගේ සිත එක් නිමේශයකින් මා දෙතොල් ඉදුල් කලා නොවේද කෙසේ පවසම්ද යම් දිනෙක මගේම වන්නියක සිප සනසන මොහොතක ඇගෙ දෙතොල් සනසන්නේ කුලුදුල් හාදුවක් නොවන වග..

Read More

දෙන්න දෙතැනක

දෙන්න දෙතැනක

කිති කැවී යන හැගුම් අතරින් ඔබ රුවම මට පෙනෙනවා දෙතොල් අතරින් නැගී සිනා හඩ නිතර මා හද මවනවා සසරෙ සැමදා මගේ වෙන්නයි පෙරුම් පිරුවද සිතෙනවා අනේ එනමුදු නපුරු පාපෙක කරුමයක්දෝ දෙන්න දෙතැනක හිදිනවා………………..

Read More

අප දෙදෙනා

අප දෙදෙනා

එක කුඩේ යටින් සරසවි පාරේ පියවර තැබුවා අප දෙදෙනා සිරිපොද රැහැනට සැගවී මුලුවී උනුසුම පැතුවා අප දෙදෙනා හිස් අව්කාශෙන් නිබදව සැලෙනා වැහිබිදු පතිතව සතර අතේ අප යන දෙපසේ දිය රැලි ඇදුනා සෙනෙහස ගලනා පරිදි සිතේ

Read More

සැබෑ ආදරය

සැබෑ ආදරය

එක එකා එක එක විදියට නිර්වචනය කරයි…. ආදරය වෙනස් වූ බැදීම් ඔස්සේ විවිධ අයුරින් විග්‍රහ කල හැක. වැඩිපුරම කතා කරන යොවුන් ආදරය රැල්ලට යන ආදරය ඇවිස්සෙන සුලු ආදරය ආධ්‍යාත්මික ආදරය යන ලෙසින් ප්‍රධාන වශයෙන් අර්ථ දැක්විය හැක. රැල්ලට යන ආදරය අමුතුවෙන් විග්‍රහ කල යුතු නැත. නිතර සමාජය තුල දැකිය හැක. ඇවිසෙන සුලු ආදරයද ඔබ දැක […]

Read More

උත්තේජනය නුබ

උත්තේජනය නුබ

වියලි හද තෙත බරිත කරනා උත්තේජනය නුබයි දුර ඉදන් අත වනන සිහිනයන් මට මවන සියොලගම කිතිකවන හදමඩල තුල රැදෙන නිසල මග සසල කල සිත පුරා පිනි ඉසින හිමිද අහිමිද නොදනි මම

Read More

ජිවිතේ මග හැරීම්

ජිවිතේ මග හැරීම්

දුවෙක් හරි පුතෙක් හරි ස්වාදීනව තීරණ ගන්න වයසට ආවහම එයාලා නොදැනුවත්වම දෙමවුපියන්ගෙන් ටිකක් හරි ඈත් වෙනවා. හැම ජීවිතයකම ලංවීම් ඈත් වීම් එමටයි. දෙමවුපියෝ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ යතාර්ථයට මුහුනදෙන්න වෙනවා. ඒ අයම තමන්ගෙ ජීවිත දිහා ආපස්සට හැරිලා බැලුවොත් තේරේවි අම්මා, තාත්තගෙන් දැනුවත් හරි නොදැනුවත්ව හරි තමනුත් යම් යම් කාලවල ඈතට ගියපු බව. තරගකාරී,කාර්‍යබහුල ජීවන […]

Read More

කවි දිනය – බස්රියේ සිට..

කවි දිනය – බස්රියේ සිට..

2016 – 03 -21 දින…   අද කවි දිනය ඇසුනා මට උදහනක්කේ හිදිනා කලට අසුනක බස් රියක අනේ   රියදුරු මහතා පාගයි බොල හැටට හැටේ වේගෙන් ඇදෙන බස් රියකුයි පසු කෙරුනේ   නුලෙන් වැදෙනවා බස් බද යන බසයේ ඇගෙ ලේ වතුර වීලයි මගෙ ඇහැ ඇරුනේ   කැම්පස් එක ලගින් යනවිට රිය අසුනේ සිතුවිලි නැගෙනවා කප්පරකට සබදේ […]

Read More

සදවතිය

සදවතිය

  පෙර දවස….. සදවතිය ලංව තුරුලුව උන්නා පපුවට මී පැණි වන්ව දුන්නා ආදරය පිරෙන්නට බරව මා දෙනෙත් මත දුන්නා ප්‍රථම හාදුව තුරුළු කොට ලැම මතට උණුසුමින් වෙලුවා සියොලගම නිල්මිණි වන් දෙනෙත්යුග මුමුණයි පෙම් හැගුම් ලංව වාවනු බැරි තවම ඔබේ උණුහුම නැතිව…

Read More