එය තවත් එක් අගහරුවාදා දිනයකි. පැය තුන හතරක දේශනය අවසානයේ විඩාබර සිතත් ගතත් රැගෙන බසයට ගොඩ නැගුනේ හැකි ඉක්මනින් නිවස්නය බලා යන අරමුණෙනි. බසයේ වැඩි සෙනගක් නොවූ නිසාවෙන් පිටුපස දොරට යාබද අසුනක හරිබරි ගැසී හිද ගත්තේ ගමනාන්තය තෙක් සුව නින්දක් ලබනු රිසියෙනි. පුරුද්දටදෝ මෙන් මිනිත්තු කිහිපයක් ගත උන සැනින් නින්ද මා කරා ලං විය.

කොපමන වේලාවක් ගත වූවාදැයි නිනවුවක් නැත.එක්වරම කුඩා දරුවෙකුට තරවටු කරනා මවකගේ ස්වරයෙන් මාගේ නින්දට බාදා මතු විය.

“සුදු පුතා මං කීවනේ පුතාට ඒ පැත්ත බලන්නේ නැතිව ජනේලෙන් එලිය බලාගෙන යන්න කියලා. ඔන්න මම අප්පච්චිට කියනවා සුදු පුතා අම්මා කියන දේ ඇහුවේ නෑ කියලා”

Related image

යන්තමින් ඇස් ඇර කුඩා දරුවාත් මවත් දෙස බැලූ මගේ සිතට මීලගට පැන නැගුනේ මව විසින් දරුවාට මෙලෙසින් අනෙක් පස නොබලන්නට කියන්නේ මන්ද යන්නයි.

ක්ෂනයකින් ඒ කියන්නාවූ දෙසට නෙත් හෙලූ මට ආ හැගීම තෝරා බේරා ගැනීමට එක් වරම අපහසු විය. දෙතොල් පටලවා ගත් යොවුන් යුවලක් පසුපස අසුනක අනග රැගුමකි. එය යම් තරමක ශුංගාරයක් ඉපදුවද සිත කම්පා කරන පිලුකුල් දසුනකි.

Image may contain: one or more people and people sitting

යොවුන් වියෙහි ප්‍රේමය, රාගය ස්වාභාවික හැගීමක් උවද එය විදිය යුත්තේ කවර ලෙසින් කවර තැනකද යන්න යොවුන් පරපුරට අමතකව ගොස් ඇත. ඔවුනට එය මතක් කර දෙන්නට හෝ කෙනෙකු ඉදිරිපත් නොවන්නේ බීරි අලින්ට වීනා වයා වැඩක් නැති නිසා වන්නට ඇත.

පින්තූර ගුගල් ගෙනි.