Image result for couple walking in rainඑක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපොද රැහැනට සැගවී මුලුවී
උනුසුම පැතුවා අප දෙදෙනා

හිස් අව්කාශෙන් නිබදව සැලෙනා
වැහිබිදු පතිතව සතර අතේ
අප යන දෙපසේ දිය රැලි ඇදුනා
සෙනෙහස ගලනා පරිදි සිතේ