මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

කුමර බඹසර

කුමර බඹසර

අහෝ මාගේ කුමර බඹසර !!! විසි අවුරුද්දක් ඉක්මවා රැකගත් එය එක් දිනෙක,එක් අදුරු සිනමා හලෙක තී ඉදුල් කලා නෝවේද අසංවර තිගේ සිත එක් නිමේශයකින් මා දෙතොල් ඉදුල් කලා නොවේද කෙසේ පවසම්ද යම් දිනෙක මගේම වන්නියක සිප සනසන මොහොතක ඇගෙ දෙතොල් සනසන්නේ කුලුදුල් හාදුවක් නොවන වග..

Read More

දෙන්න දෙතැනක

දෙන්න දෙතැනක

කිති කැවී යන හැගුම් අතරින් ඔබ රුවම මට පෙනෙනවා දෙතොල් අතරින් නැගී සිනා හඩ නිතර මා හද මවනවා සසරෙ සැමදා මගේ වෙන්නයි පෙරුම් පිරුවද සිතෙනවා අනේ එනමුදු නපුරු පාපෙක කරුමයක්දෝ දෙන්න දෙතැනක හිදිනවා………………..

Read More

අප දෙදෙනා

අප දෙදෙනා

එක කුඩේ යටින් සරසවි පාරේ පියවර තැබුවා අප දෙදෙනා සිරිපොද රැහැනට සැගවී මුලුවී උනුසුම පැතුවා අප දෙදෙනා හිස් අව්කාශෙන් නිබදව සැලෙනා වැහිබිදු පතිතව සතර අතේ අප යන දෙපසේ දිය රැලි ඇදුනා සෙනෙහස ගලනා පරිදි සිතේ

Read More

සැබෑ ආදරය

සැබෑ ආදරය

එක එකා එක එක විදියට නිර්වචනය කරයි…. ආදරය වෙනස් වූ බැදීම් ඔස්සේ විවිධ අයුරින් විග්‍රහ කල හැක. වැඩිපුරම කතා කරන යොවුන් ආදරය රැල්ලට යන ආදරය ඇවිස්සෙන සුලු ආදරය ආධ්‍යාත්මික ආදරය යන ලෙසින් ප්‍රධාන වශයෙන් අර්ථ දැක්විය හැක. රැල්ලට යන ආදරය අමුතුවෙන් විග්‍රහ කල යුතු නැත. නිතර සමාජය තුල දැකිය හැක. ඇවිසෙන සුලු ආදරයද ඔබ දැක […]

Read More

නොකරපු වරදකට දඩුවම්

නොකරපු වරදකට දඩුවම්

ජීවිතේ ඔයා නොකරපු වරදකට දඩුවම්, චෝදනා විදලා තියෙනවද? කොතරම් දරුණු කායික දඩුවමක් උනත් වැඩියෙන්ම ඒ වෙලවට රිදෙන්නෙ හිත. කොච්චර ඔයා උත්සහ ගන්නවා ඇද්ද ඔයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. සමහර වෙලාවට කොච්චර උත්සහ කලත් වැඩක් නෑ වැරැද්ද තමන්ගෙ ගිණුමටයි එකතු වෙන්නෙ. ඒ වගේ වෙලාවක සාධරන ඉෂ්ට නොවුනු වෙලාවක කලබල වෙලා තවත් වැරදි කරන්න එපා. තමන්ගේ අතේ වරදක් […]

Read More

යලි අපි කුමට පහන් දල්වමුද

යලි අපි කුමට පහන් දල්වමුද

සැඩ සුළන් මැද අදුර නසන්නට අපි පහන් දැල්වීමු.. අපි කිසි දින නොසිතුවෙමු පහන් නිවන්නට මෙතරම් වැසි වැටේවියැයි කියා අමාරුවෙන් අටවාගත් කුඩයේ ශක්තියෙන් ඒ පහන් තවමත් නිරුපද්‍රිතය එහෙත් අදුරේම ලගින්නට ආස උන් මැද යලි අපි කුමට පහන් දල්වමුද?

Read More

උත්තේජනය නුබ

උත්තේජනය නුබ

වියලි හද තෙත බරිත කරනා උත්තේජනය නුබයි දුර ඉදන් අත වනන සිහිනයන් මට මවන සියොලගම කිතිකවන හදමඩල තුල රැදෙන නිසල මග සසල කල සිත පුරා පිනි ඉසින හිමිද අහිමිද නොදනි මම

Read More