2016 – 03 -21 දින…

 

අද කවි දිනය
ඇසුනා මට උදහනක්කේ
හිදිනා කලට අසුනක
බස් රියක අනේ
 
රියදුරු මහතා පාගයි බොල
හැටට හැටේ
වේගෙන් ඇදෙන බස් රියකුයි
පසු කෙරුනේ
 
නුලෙන් වැදෙනවා බස් බද
යන බසයේ
ඇගෙ ලේ වතුර වීලයි මගෙ
ඇහැ ඇරුනේ
 
කැම්පස් එක ලගින් යනවිට
රිය අසුනේ
සිතුවිලි නැගෙනවා
කප්පරකට සබදේ
 
ඇය මා අත බැදුණු යුගයයි
මතකෙට නැගුනේ
හද පසුතැවිල්ලකි යලි මා
වෙත බැදුනේ
 
ප්‍රේමය අමතකයි මට
මගෙ හද අරණේ
නැත ඔබගෙන් පසුව වෙනකෙකු
හද බැදුනේ
 
වත්මන අනාගතෙ ගැන
නැත සිහිවන්නේ
ජිවිතෙ ගෙවෙනවා මට
නොදැනිම සබදේ
 
දුන්නේ ජන්දෙ උන්දැට මම
ගරුකරලා
රටට සෙතක් වේයැයි
පෙරමන් දැකලා
 
වෙනසක් කරන්නට ඉල්ලුවා
වරම් එයා
කබලෙන් ලිපට වැටුනේ
අපිමයි සැමදා
 
සතුට සැහැල්ලුව
ගිලිහීලයි ඇත්තේ
විඩා බර දෙනෙත්
පියවෙනවා රහසේ
 
ලග එන අවුරුද්දෙ
බෝ වියදම් ඇත්තේ
පඩි පත ඇතිවේද
මට සැකයකි ඇත්තේ
 
ජීවන අරගලය
දැන් දැනෙනව සබදේ
ගෙදරින් කාපු කාලය
අවසන් වී ඇත්තේ
 
යුතුකම් බොහොම ඇත මා හට
කරන්නට
ජිවන මන්තලේ පියමන්
තනන්නට
 
ආයුබොවන් දෙවි පිහිටයි
සැම දෙනට
ඔෆිසියට කිට්ටුයි දැන් ලග ලගම…………….