Things 53“පෙබරවාරි 14”
අද දවස ආදරය ගැන විශේෂයෙන් සදහන් වන දවසක් නේද.
”ආදරවන්තයන්ගේ දිනය” ඉංග්‍රීසියෙන් නම් “Valentine day” කියනවා අද දවසට…ඒ කොයි නමින් හැදින්වුවත් මගේ අදහස නම් ආදරය එක දවසකට පමණක් සිමා විය යුතු දෙයක් නෙමෙයි කියලයි. මටත් හිතුන අද වගේ දවසක ආදරය ගැන ටිකක් කතා කරන්න…
ඇත්තටම මොකක්ද මේ ආදරය කියන්නෙ???
ආදරය කියන්නෙ තමන්ට තමන්ගේ ලෞකික ජිවිතයේ රිද්මය සොයා ගැනීමට තිබෙන එක් අවස්ථාවක්.නමුත් එය තවකෙක් සමග ඇතිවන බැදීමකින් මුලපුරනවා.ඒ නිසාම එය ආදරණිය බලාපොරොත්තුවක්.
ආදරය ඇතිවන්නේ කෙසේද???
ආදරය ඇතිවන්නේ මිත්‍රත්වය,විශ්වාසය,අවංක බව(සත්‍යවාදී බව),තේරුම ගැනීමේ හැකියාව(සහකම්පනය),රහස්බාවය,පක්ෂ පාතිත්වය,අවබෝදය,සන්නිවේදනය මතිනුයි.
යොවුන් ආදරය
යොවුන් ආදරය අපට කොටස් 2 කට නම් කරන්න පුළුවන්,
1.රාගික ආදරය(ඇවිස්සෙන සුලුයි)
2.සහචර ආදරය(ශාන්තවත් බැවින් යුක්තයි)
මෙයින් අපි උත්සහ කල යුත්තේ නිවැරදි ආකාරයෙන් ශාන්තවත් බවින් යුතු ෙගෟරවාන්විත් ආදරයක් විදීමට හා පරිත්‍යාග කිරීමටයි.
ආදරයයි මෛත්‍රීයයි
ආදරය කියන්නෙ මෛත්‍රීයේ මුල් අවදියයි.නමුත් ගැහැණු පිරිමි බේදයකින් තොරව වැටෙන කදුළු තුල මෛත්‍රීය නැතිවී ෛවරය මතු වන්නේ ක්ෂනිකවමයි.
“ආදරය හා ෛවරය අතර පරතරය නුලක් තරම්”යැයි පැරැන්නෝ කිව්වේ ඔන්න ඔය නිසා වෙන්න ඇති.බුදු දහමේ ඉගැන්වෙන ලෞකිකත්වය තුල ආදරය කියන්නේ ඉදිරියෙන් ඉදිරියට යන්නක් මිස මෙලොවින් තුරන් වන දෙයක් නම් නෙමෙයි.එය තුරන් වන්නේ බුදු දහමේ ඉගැන්වෙන ලෝකෝත්තර තත්වය තුලයි.එතන තියෙන්නේ මෛත්‍රීයයි.
මෛත්‍රීය ස්ථිර දෙයකි.ආදරය බොහෝවිට ෛවරයට සමීප වන අවස්ථාද ඇත.එහෙත් මෛත්‍රීය, ෛවරය පලවා හරියි.ආදරය ඇවිස්සෙන සුළු වෙද්දී මෛත්‍රීය ශක්තිමත් තැන්පත්බාවයක් ඇති කරයි.
ආදරයට සැරසෙමු
ඉස්සෙල්ලම තමා තමාට ආදරය කල යුතුයි.මම මට ආදරය නොකරනවා නම් මම ලොවට හෝ ලොවෙන් එකෙකුට ආදරය කරන්නෙ කොහොමද??මිනිස්සු ලෙස අපි අපිටම ආදරය කරනවා නම් දෙවියන්,බුදුන් අප ලගයි.කුඩා අයට ,මහලු අයට ෙගෟරවය ආදරය නොකරන්නාට ආදරය අයිති නැතිය.
නිවැරදි ආදරයක් ඇති නිවස දෙවියෙක්,දේවතාවියක් ඉන්න නිවසක් වැනිය.සම ශද්දා,සම ප්‍රඥා,සම ශීල,සම ත්‍යාග වැනි ගුණාංගයන්ගෙන් සමන්විතවීම එයට හේතුවකි.සැම බවයකදිම එකට ඉපදීමට,එක්ව කල් ගෙවීමට ලැබීමට එය හේතු වෙයි.
පුංචි දරුවෙකුට කුඩා කල “රන්කද”කියා කියයි.ඒ රන්කද යොවුන් වියට පැමිණ යමෙකුගේ ආදරයට ලක් වූ කල “පෙම්කද” වෙයි.ඒ යොවුන් පෙම්කද අනුවන වැඩක් කල පසු “ගොන්කද”ද වෙයි.එම ගොන්කද අවසානයේ “මලකදක් “බවට පත්වෙයි.රන් කදින් පටන් ගත් ආදරය මල කද දක්වාම ගෙන යා හැකි නම් එය බෙහෙවින්ම වටී.එය නිවන් දක්නා තුරුම ගෙනය හැකිනම් ඊටත් වැඩ වටි.
කෙසේ වෙතත් ආදරය,ජිවන පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්,ජීවිතය බැදිලා තියෙන්නේ ආදරය කියන බැම්මෙනුයි.එය නැතිව ලෝකයේ ජිවත් විය නොහැකියි මෙන්ම ආදරයෙන් තොරව ජිවිතයේ පැවැත්මක්ද නොමැතියි.අවබෝදාත්මක සොදුරු දහමක් ආදරය තුල තිබේ.අප තුලත් ෙගෟරවාන්විත ආදරයක් ගොඩනගා ගැනීමට අප උත්සහ කල යුතුයි.
“ආදරය”අලෙවි කල යුත්තක් නම් නෙවෙයි.එය හැමදාම තිබිය යුත්තක් .වර්තමානයේ නම් ,”ආදරය”යන හැගීම මුදලට විකුණන දිනය “ආදරවන්තයන්ගේ දිනය”නමින් හදුන්වල තියෙනවා වගේ.එවන් දිනයකින් අදහස් කරන්නෙ එදාට පෙර හෝ පසු ආදරයක් නෑ කියන එකද?සිතන්නට බෙහෙත් දෙන බුදුන් දෙසු දහම පිළිපදින අප ආදරය දිනයකට සිමා කර සැමරිය යුතුද?
සැබවින්ම ආදරයක් ඇත…..සමාන අය ඇසුරට පත් වූ දාට …..එතන සදාචාරවත් ආදරයක් ගොඩ නැගෙනු ඇත……ඔය කොයි ආදරයටත් වඩා උතුම්ම ආදරය දෙමව්පියන්ගෙන් අප ලබන ආදරය බව අමතක නොකළ යුතුමය.
අද වගේ දවසක ඔයාගේ හිතට නිවැරදි ආදරය අරුත් ගන්වන්න මේ ලිපිය උදව් වේවි කියල හිතෙනවා.මේ මට හිතෙන හැටියි………………හැම සිතක්ම ආදරයෙන් පිරේවා!!!!!!
මේක කියවපු එකේ.මේ ගැන ඔයාලගේ ප්‍රතිචාරත් එකතු කරනවනම් ගොඩක් හොදයි…..