ඔයාලට මොකක් හරි  හදිස්සි වැඩක් කර ගන්න පරි ගණකය ක්‍රියාත්මක කර ගන්න උනොත්.පරිගණකය නිවැරදිව ක්‍රියාත්මක කර ගන්න ටිකක වෙලා යනව නේද.වින්ඩෝස් splash තිරය දර්ශනය වෙලා හරියට පරිගණකය ඕන් වෙනකම් බලන් ඉන්න වෙනවනේ. මෙන්න ඒකට පොඩි විසදුමක්.splash තිරය දර්ශනය නොවී පරිගනකය ක්‍රියාත්මක කරගන්න මෙයින් පුළුවන් වේවි.ලොකු වේගයක් ලබා ගන්න බැරි උනත් හදිස්සි වේලාවකදී තප්පර දෙක තුනත් වටිනවනේ…… ඔයාලත් මේක ක්‍රියාත්මක කරලා බලන්නකෝ…..

පළමුව සාමාන්‍ය පරිදි පරිගණකය ක්‍රියාත්මක කර ගෙන. start බටනය මත click කරලා ලැබෙන මෙනුවෙන් run යන්න තෝරන්න. 

ඊට පස්සේ ලැබෙන dialog box එක ඇතුලේ මේ විදියට ලියල “msconfig” ok කරන්න.ඊට පස්සේ ඔයාලට පහතින් දැක්වෙන විදියට තවත් dialog box එකක් ලැබේවි.එකෙන් Boot .INI කියන ටැබ් එක තෝර ගන්න. 



දැන් ඒ ටැබ් එකේ Boot option යටතේ තියෙන /NOGUIBOOt යන්න select කරන්න.දැන් ok විදානය ක්‍රියාත්මක කරලා.පරිගණකය ප්‍රතිපනගැන්විමකට ලක් කරලා බලන්නකෝ.වෙනද වගේ windows splash  screen එක පෙනෙනවද කියල…….