අපේ ගොඩක් විද්‍යාඥයන්,පර්යේෂකයන් ,ඇතැම් ලේකකයන් මෙන්ම ගොඩක් කළා කරුවොත් බොහෝවිට තමන්ගේ හිසේ කෙස් නොකපා වැඩෙන්නට සැලැස් වුහ.ඇතැම් අය සිය රැවූලද දිගට වැවුහ.ඇත අතීතයේදී නම් කෙස් කැපීම්, රැවුල් බෑම සිදු කලේ නැත. එහෙත් මතු සදහන් කල අය එලෙස සිය කෙස් වැඩෙන්නට ඉඩහලේද,රැවුල් වැඩෙන්නට ඉඩ තැබුවේද තමන්ගේ කාලය ඒ වෙනුවෙන් වැය කිරීම අනවශ්‍ය දෙයක් යයි සිතුනු නිසා වෙන්ය. ඇතමුන්ට එය සිය පව්ර්ෂත්වය නංවාලීමට බලපෑ අතර සමහරුන්ට එය අවලක්ෂණ දෙයක් විය.  

සර් අයිසැක් නිව්ටන් නිව්යෝක් සරසවියට පැමිණි අවස්ථාවක සරසවිය අසල මාවතක ගමන් කළේය.පාර අයිනේ සිට මගීන්ගේ පාවහන් ඔප දැමීමේ නිරතව සිටි ළමයෙක් නොසැලකිලිමත් ලෙස පවත්වා ගෙන යන සර් අයිසැක් නිව්ටන්ගේ පාවහන් දෙස මහත් උනන්දුවකින් බලා සිටියේය .කාගේ හෝ සපත්තු ඔප දමා කියක් හෝ හොයා ගැනීම මේ ළමයගේ එකම අරමුණ විය.
“සර්ගේ සපත්තු කැත  වෙලා මම පොලිෂ් කරලා දෙන්නද?”

සර් අයිසැක් නිව්ටන් ඇමතු ළමයා ඇසුවේය.
ඒ දෙස බැලු නිව්ටන් තමන්ගේ පාවහන් ඔප දැමිය යුතු තත්වයේ තිබුනත් ඒ බවක් නොහගවා මෙසේ කිවේය.
“නැහැ නැහැ මගේ සපත්තු ඔප දැමීම මට කරන්න පුළුවන්.ඒ උනාට මේ ළමයාට මම ලොකු මුදලක් දෙන්නම්.මගේ වැඩය කරන්න කලින් තමුන්ගේ මුණ සෝදලා දමනවනම් වඩාත් හොදයි.”
ඒ අසා අසල කාමරයට ගොස් මුහුණ කට සෝදා ගෙන එන ලෙස සපත්තු පොලිෂ් කරන ලමයාට උපදෙස් දුනි.
මහත් උනන්දුවකින් මුහුණ කට සෝදා ගෙන රාජකාරියට සුදානම් වූ නිලදාරියෙකු මෙන් ළමයා අසල ජල කාමරයකින් මුහුණ සෝදා ගෙන පැමිණියේය.
තමන්ගේ ඉල්ලීම අනුව ළමයා ක්‍රියා කල නිසා පැහැදී පොරොන්දු වූ පරිදි ලොකු මුදලක් ඒ ළමයා අත තැබුවේය.එය අතට ගෙන ළමයා ඒ මේ අත හරවමින් සිටියේය.
“අද දවසේ අයෙත් කාගෙවත් පාවහන් පොලිෂ් කරන්න අවශ්‍යතාවක් නෑ.දැන් ඔය මුදලින් තමුන් මොකද කරන්නට අදහස් කරන්නේ?”  සර් අයිසැක් නිව්ටන් ඇසුවේය.
ළමයා ටික වෙලාවක් ඔහු දෙස බලා සිට “මම කැමති සර්ට මේ මුදල ආපසු දෙන්න.හැබැයි මට පොරොන්දුවක් වෙන්න ඕන” ළමයා කිවේය.
“මොනවද  මම වගේ කෙනෙක් ඔය ළමයට පොරොන්දු වෙන්නේ?”නිව්ටන් විචාළේය.
“සර් ඔබතුමට ඔය මුහුණේ තියන රැවුල ගැලපෙන්නේ නෑ.මම කැමැතියි.මේ මුදල යලි ඔබට දෙන්න ඔබ රැවුල කපා දානවා නම්” ළමයා කිවේය.
ළමයට මුදල් ලැබුන විගසම තමාගේ ඉල්ලීම පරිදි මුණ සෝදා ගෙන ආවත්.නිව්ටන් ළමයාගේ ඉල්ලීම පරිදි ක්‍රියා කිරීමට ගියේ නැත……